The Promised Neverland
ජපානයේ චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන
❛ The Promised Neverland❜
ඇනිමේ කතා මාලාව පොඩ්ඩන්ටත් වැඩිහිටියන්ටත් එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සන කතා මාලාවක්.
'මමොරු කනාබේ' අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මෙම කතා මලාව මේ වන විටත්
IMDB දර්ෂකයෙ 8.9/10
ඉහළ අගයක් ලබා ගෙන තියනවා. කතාව ගැන කියනවනම්,
කැලයකින් වටවුනු ලස්සන නිස්කලංක තැනක අනාථ නිවාසයක් තියනවා. මේ අනාථ නිවාසයේ ළමයි 40කට
ආසන්න ගණනක් ජීවත් වෙනවා. එයාලව බලාගන්න 'මමා' කියල ගොඩක් කරුණාවන්ත පාලිකාවක් ඉන්නවා. මේ ළමයින්ට අනාථ නිවාසයෙන් කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නෙ නෑ. මේ ළමයි ගොඩක් සතුටින් ජීවත් වුනා. අනාථ නිවාසයේ තිබුනෙ එක නීතියයි. 'අනාථ නිවාසයෙ ගේට්ටු වලින් ඈත් වෙලා ඉන්න.'
ඒත් එක දවසක් හොරෙන් අනාථ නිවාසෙ ගේට්ටු වලින් එළියට යන වැඩිමහල් අනාථ ළමුන් දෙදෙනෙක් වන 'එමා' සහ 'නෝමාන්' අනාථ නිවාසෙ භයානක ඇත්ත හොයාගන්නවා.මොකද්ද මේ රහස? මේ ළමයින්ගෙ ඉරනම මොකද්ද? එයාලට එයාලගෙ ඉරනම වෙනස් කරගන්න පුළුවන් වෙයිද? මොකද්ද වෙන්නෙ කියල දැන ගන්න ඇනිමෙ එක බලලම ඉන්න. තමන්ගෙ දෛවය වෙනස් කරගන්න උත්සාහ කරන වීර ළමුන් කණ්ඩායමක කතාවක්..! ❤
The Promised Neverland
480p Download
" වෙබ් එක ෂෙයා කර අපට සහයෝගය දක්වන්න. ❤ "
Post a Comment