Titans

Titans

Titans
Dc-Universe
Download
DC එකෙන් අලුතින් ආරම්භ කළ නාලිකාව තමයි DC Universe නාලිකාව.  ❛ Titans❜   තමයි DC Universe නාලිකාවෙ විකාශය වන පළමු කතා මාලාව. මේ වෙනකොටත් ❛ Titans❜   IMDB දර්ෂකයෙ 8/10  ඉහළ අගයක් ලබා ගෙන තියනවා.
❛ Titans❜   කියන්නෙත් ❛ Justice League❜   එක වගේ වීරයන්ගෙන් හැදුනු කන්ඩායමක්. ❛ Justice League❜   එකේ "බැට් මෑන්, සුපර් මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, සයිබෝර්ග්, ඇක්වමෑන්" වගේ බලවත් ලොකු අතු ටික ඉන්නකොට එයාලට දෙවෙනි නොවන "නයිට් වින්ග්, ස්ටාර් ෆයර්, බීස්ට් බෝයි, රේවන්" වගේ තරුන සෙට් එක ❛ Titans❜   එකේ ඉන්නවා. බැට් මෑන්ට රොබින්ල කීප දෙනෙක්ම ඉන්නවනේ. ඒ අයගෙන් පලවෙනි "රොබින්" තමයි "ඩික් ග්‍රේසන්". පසුකාලීනව "නයිට් වින්ග්" වෙන්නෙත් මෙයාම තමයි. කතාව ගැන කියනවනම්,
ඩික් බැට්මෑන්ගෙන් අයින් වෙලා පොලිස් පරීක්ෂකයෙක් විදියට "ඩිට්‍රොයිඩ්" පොලීසියට බැදිලයි ඉන්නේ. මිනිහ ඉන්නෙ බැටා එක්ක නයි වෛයිරෙන්. ඒ පලාතෙම ඉන්නවා අමුතු බලයක් තියෙන රැචෙල් කියල ගෑනු ළමයෙකුත්. රැචෙල්ගෙ අම්මව නාදුනන කෙනෙක් ඇවිල්ල ඝාතනය කරනවා. හැබැයි මේ ඝාතකය එන්නේ රැචෙල්ගෙ අම්මා පස්සෙන් නෙවෙයි රැචෙල්ගෙ පස්සෙන්. කෙල්ල එයාගෙ බලය පාවිච්චි කරල ඉතනින් පැන ගන්නවා.කොහමින් කොහමහරි මේ කෙල්ල අන්තිමට නවතින්නේ ඩික් ලග. ඩික් රැචෙල්ට උදව් කරයිද? කව්ද මේ කෙල්ල පස්සෙන් එන්නෙ? මොනවද මේ කෙල්ලගෙන් එයාලට ඕන? වැදගත්ම ප්‍රශ්නේ කව්ද මේ කෙල්ල? මේ ඔක්කොටම උත්තර කතාව බලලම දැන ගන්න.
මේ විදියට පටන් ගන්න ❛ Titans❜   කතා මාලාව තුළ Titans කණ්ඩායම විවිධ වූ බාධක මැද ලෝකය බේර ගන්න දරන උත්සාහයක් තමයි තියෙන්නේ.
Titans  480p Download
" වෙබ් එක ෂෙයා කර අපට සහයෝගය දක්වන්න. ❤ "

Post a Comment

Copyright © Tv Series | Designed By Thaaru | Powerd By #